සුපිරි වෙළෙඳසැල් ගම්දොරට යන ගමනක කතාව – EDC Arcade, කැකිරාව

admin-edc News EDC Arcade

ඕ මාසික කාන්තා සඟරාව – මාර්තු 2017

ජීවිතය කියන්නේ අභියෝගයක්. ව්‍යාපාරයක් කියන්නේ අභියෝගයක්, ඒ වගේම අවදානමක්. ව්‍යාපාර ලෝකයේ බහුලව භාවිත වන යෙදුමක් වන්නේ අඩු අවදානම තුළින් වැඩි ප්‍රතිලාභ යන්නයි. එහෙත් එය යම් සීමාවකට යටත්, එකී සීමා මායිම් කිසිත් නොසිතා තම ප්‍රතිලාභයට වඩා රටේ ජනතාවගේ ප්‍රතිලාභය පිළිබඳ සිතන ව්‍යවසායිකාවක් අපට හමුවුණා. ඇය නිරෝෂා ධර්මසේන ඊ.ඩී.සී. කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමේ වත්මන් සභාපතිනිය ඇයයි. මේ ඇය සමඟ අප කළ කතා බහක සටහනයි.